Powered By Blogger

Friday, October 30, 2020

Devil's staircase (Kalupahana to Ohiya) | යක්ෂයාගේ පඩිපෙල (කලුපහණ සිට ඔහිය දක්වා)

Devil's staircase (Kalupahana to Ohiya) | යක්ෂයාගේ පඩිපෙල

(කලුපහණ සිට ඔහිය දක්වා) 

 

යක්ෂයාගේ පඩිපෙල‌ෙ මේ නම ඇහුනම යන්නම ආස හිතුනා‍‍.......

මේ නම ලංකාවේ අමාරුම පාර වගේ හඳුන්වන යක්ෂයාගේ පඩිපෙල‌
කලුපහන ඉඳල ඔහිය දක්වා වැටිල තියන අතිදුෂ්කර වගේම අති සුන්දර මාර්ගයක්.....

මේක ලංකාවේ අමාරුම පාර විදියට සැලකෙන්නේ මෙය අතිදුෂ්කර ඒවගේම කිලෝමීටර් විස්සක් විතර මේ පාර දුර නිසයි...

 

 

මේකෙ යන්න පුළුවන් ground clearance වැඩි වාහනේකටයි බයික්වලටයි විතරයි. කාර් වලින්නම් යන්න බෑ යට වදිනව. බයික් උනත් ඩබල් දාල යන්නෑ බයික් එකට ආදරේ කෙනෙක්නම්. පැච් එකක් දාගන්න, වාහනේට මොනාහරි උනොත් ඇදගෙන යන්න ලෑස්ති වෙලා ගමන යනවනම් හොඳයි.

මෙය අතිදුෂ්කර වුවත් තේ වතු, දිය ඇලි, කඳු, කුඩා දෙමළ ගම්මාන අදී බොහෝ සුන්දර දේවල් මේ පාරෙ යද්දි බලාගන්න පුළුවන්..

 කලුපහන ඉඳල ගමන් ආරම්භයෙන් පසු බඹරකන්ද, ලංකා ඇල්ල යහලතැන්න යන දිය ඇලි බලන්න පුළුවන්. 

ඌව පළාතෙ ඉන්න අයටනම් මේ වගේ පාරවල් හුරුයි මොකද මෙහෙ තාමත් සංවර්ධනය වෙලා නැති ගොඩක් පාරවල් තියන නිසා.

අමාරුම හරිය ඉවරව‌ෙද්දී පාර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. එකකින් හෝටන් තැන්න පැත්තටත් අනිත් එක උඩවේරිය හරහා ඔහිය පැත්තටත්. උඩවේරිය පැත්තෙන් යද්දි ඔහිය රක්ෂිතය හරහා තමයි යන්න තියෙන්නේ ඒ ටිකත් වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි....   

** වතු දෙකතුනක් මගදී සෙට් වෙනවා ඒවයි ඉන්න ළමයින්ට ටොෆි බිස්කට් ටිකක් ගෙනියන්න පුළුවන් නම් ලොකු උපකාරයක් වෙයි.  ඔයාල යන්න බලාපොරොත්තු වෙනවනම්, පුළුවන්නම් ටොෆී චොකලට් ටිකක් අරන් යන්න එයාලට දෙන්න.** 

කලින් ගියපු අය  මේ පණිවිඩේ දීලා තිබ්බා.. ඒත් අපිට එයාලව මුණ  ගැහුනේ නම් නෑ....
ඔයාල යන්න බලාපොරොත්තු වෙනවනම් පුළුවන්නම් ටොෆී චොකලට් ටිකක් අරන් යන්න එයාලට දෙන්න.

ඒත් එක් ගම්මානයනක වගා කරන ගොවි මාමා කෙනෙක් හම්බවුනා. එයා එක්ක මිනිත්තු 10 පමන කතා කරන්නට අමතක කරේ නෑ. 

අපි මේ ගමන පටන් ගත්තේ කොළඹින් හරියටම කියුවොත් ජා-ඇල ඉදන්
අපි බයික් 3 කට්ටිය 6 දෙනෙක් ගියා.. හරියටම පාන්දර එහෙන් 6 ට වගේ ආවේ

අපේ Routing එක

කොළඹ - අවිස්සාවේල්ල - බලන්ගොඩ - කලුපහන - බඹරකන්ද - උඩවෙරිය - ඔහිය - බොරලන්ද - නුවර එලිය - නුවර - කොළඹ

අපි උදේ 6ට එහෙන් ආව ගමන හරහා අපි ඔහියට යද්දී හවස 5 වගේ වුනා..
ඊට පස්සේ අපි පැටියා හෝටලයෙන් රොටී කාලා ප්ලෙන් ටී එක්කුත් බීලා අපි නතරවෙන තැනට ගියා ඊට පස්සේ එදා රෑ අපි එතන ඉදල පහුවදා අපි නුවර එළිය හරහා නුවර හරහා  කොළඹ යන්න පිටත් වුනා....

මේ පාර ගොඩක් පිරිසිදුයි පොලිතින් ප්ලාස්ටික් අපද්‍රය නැති තරම්. ඒ නිසා යනවනම් ඒ ලස්සන නැති කරන්න එපා පරිසරය විඳල ගෙනියන දේවල් ආපහු අරන් එන්න.   

 

 

අපි මේ ගමන වීඩීයෝ කරන්නත් අමතක කරේ නෑ ඒ වීඩියෝ එක පහලින් තියෙනවා..  ඒක බලන්නත් අමතක කරන්න එපා..

 

 


 

 https://www.youtube.com/watch?v=YfkQqcPFceo