Powered By Blogger

Thursday, December 9, 2021

රාජමලය සඳගලතැන්න හරහා අවාරේ ශ්‍රී පාද කරුණාව

රාජමලය සඳගලතැන්න හරහා අවාරේ ශ්‍රී පාද කරුණාව

 

සාමන්‍යයෙන් සිරිපා කරුණාව ආරම්භ වන්නේ දෙසම්බර් මස පොහෝ දිනයේය. එදින පටන් මාස 5 ක පමන කාලයක් ශ්‍රි පාද වන්දනාව සඳහා විවෘර්ත වෙනවා....
එනම් වෙසක් නැත්නම් මැයි මස පොහෝ දිනය දක්වා විවෘර්ත වෙනවා
අනෙක් කාලය සිරිපා අවාරය ලෙස හදුන් වනවා.


එමනිසා මෙම අවාර කාලයේදී ශ්‍රි පාද කරුණාව සුදුසු නොවීමට ප්‍රධානම හේතුව මෙම කාලය දෙවියන්ට සහ සමනල අඩවියෙහි වාසය කරන සිවුපාවන් උතුම් ශ්‍රි පාදය වන්දනා කරන කාලය නිසාය.

එමෙන්ම මෙම අවාර කාලයේදී සමනල අඩවියට අදික වර්ශාව ලැබෙන කාලයයි. ඒ වගේම මෙම කාලයදී සත්ත්වයින් තමන්ගේ නිදහසහි සමනල අඩවියහි සැරිසරන කාලයයි.
නමුත් මෙම කාලයෙහි සමනල අඩවියහි අති සුන්දරත්වය විද ගැනීමට මිනිසුන් මෙම අත්දැකිම ලබ ගැනීමට මෙහි පැමිනෙනවා.

එම සුන්දරත්වය විද ගැනීමට හා අවාරයේදී ශ්‍රි පාදය වන්දනා කිරීමට තිබු සැදැහැවත් කැමැත්ත නිසා සිරිපා කරුනාවේ විස්තර මෙහෙ සදහනි කරනවා.

අපේ ගෙවල් නුවර එක නිසා අපි නුවරින් උදේ 8 ට වගේ හැටන් බස් එකට ගොඩවෙලා 10.30 වගේ වෙද්දී හැටන් වලට අවා. අපි මේ ගමනේදී සියලු බඩු අරගෙන එන්න උනා මොකද අවාරයෙදී කිසිදු කඩයක් විවෘතව නොපවතින නිසා එමෙන්ම අපි පස් දෙනෙක් මේ ගමනට සහභාගි උන නිසා හා එක් රැයක් ගත කිරීමට කතා කරගත් නිසාත් අපි කූඩාරමක් ද අරගෙන තමයි ගමනට සහභගි වුනේ ......

සාමාන්‍ය යෙන් වාරේ කාලයේදීත් ගොඩක් අය නොයන සදගලතැන්න මාර්ගය තම අපි මේ ගමනට තොරගත්තේ එනම් මෙම මාර්ගය කැලැබද මාර්ගයක් සදගල තැන්න තැනිතලාව හරහ තමයි මෙම පාර වැටිල තියෙන්නෙ මෙම මාර්ගය හැටන්-නල්ලතන්නිය මර්ගයේ මහගිරිදබය පටන් ගන්න ස්තානයට තම සම්බන්ද වෙන්නේ

හරි කෝමහරි අපි හැටන් වලින් මස්කෙලියට බස් එකෙන් ගිහින්  අවශය කැම මස්කෙලියෙන් අරගෙන ඉටපස්සේ රාජමලය වතුයාය සදහ කුඩා බස් රථයේ ගමන් කරා එ බස් ගමනත් ඉතාම සුන්දර බස් ගමනක්
ඉන්පසු අපි රාජමලයෙන් සුමන සමන් දෙවියන්ගෙන් අවසර අරගෙන ගමන් අරම්භ කරා. මෙතන ඉදල සදගලතැන්න දක්වා ආනතිය වැඩි කැලෑ මාර්ගයක යන්න ඕන. ආනතිය එච්චර නෙපෙනුනත් ගමන් මහන්සියෙන් එය දැන ගන්න පුලුවන්..

එම ආනතිය නිසා හෙමින් හෙමින් සඳගලතැන්නට අපි ලගාවුනා. සඳගලතැන්න අපි වෙහෙස නිවාගෙන සුන්දරත්වය විදින ගමන් උතුම් ශ්‍රී පාදය පෙනෙන සුන්දරම තැනක් ලෙස අමතක නොවන තැනක් වුනා (චායාරූප පෙල බලද්දි පෙනෙයි )


ඉන්පසු එතන ටික වේලාවක් ඉන්නකොට අවාර සමයේදී පවතින ඉතාම ඝන අන්දකාරය සමඟ වැස්සක් හැලෙන්නට උනා.
අනිවාරෙන් Rain coat එකක් අරන් යන්න වෙන්වා මොකද මෙම කාලයේදී සිතු නොසිතු ලෙස වැස්ස ඇදහැලෙන්න පුලුවන්.
ඉටපස්සේ අපි වැස්සේම හෙමින් ගමන පටන් ගත්තා
එ අවාර කාලේ වහින මල් වැස්ස සමග එ පරිසරය ගෙනෙන සුන්දරත්වය ජීවිතයේ එක් පාරක් හෝ විදගතයුතු සුන්දරත්වයක්.


කොහොමහරි වැස්සෙම අපි හෙමින් ඉහලට කරුනා කරා.
අපි හවස 6 වගේ වෙද්දි මහගිරිදබය ලගට ආවා.
ඉටපස්සේ අපි අම්බලමක රැ ඉදල පහුවදා පාන්දර ඉහලට කරුනා කරන්න හිතාගෙන පහල අම්බලමක් ලගට පල්ලම් බැස්සා මොකද අපි සදගලතැන්න මාර්ගයෙන් ගියාම හැටන් මාර්ගය හමුවන තැන සිට ටිකක් පහලට ගියහම ඉදිකටුපාන ලග අම්බලම හම්බෙන නිසා
නමුත් වැස්ස නිසා ඒ අම්බලමේ ඉඩ නැති නිසා අපි ඉදිකටුපාන ඉදන් රත්නපුරේ පාරට මාරු වෙලා රත්නපුර පාරෙ අම්බලමක නැවතිලා පහුවදා පාන්දරම උඩමලුවට කරුනා කරා.. ඉන්පසු නැවතත් හැටන් මාර්ගයෙන් පහලට කරුනා කරා......

 

 


 

 






















 

Wednesday, November 25, 2020

කැලෑබොක්ක මාතලේ (පන්විල) - 360 View Point

කැලෑබොක්ක මාතලේ (පන්විල) - 360 View Point

කැලෑබොක්ක කියලා කියුවට ම‌ෙහේ 360 View Point  කියලත් ප්‍රසිද්ධයි.

එහෙම වෙන්න හේතුව මේ තැනට අංශක 360 වටප්‍රමානයක් බලන්න පුලුවන් කදු මුදුනක් නිසා (ඒක මන් දාලා තියෙන තියෙන චායාරූපවලින් බලාගන්න පුලුවන්) මෙම ස්ථානය මීටර් 1175 පමණ උසකින් පිහිටා ඇත.

මේ තැන තියෙන්නේ මධ්‍යම පලාතේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක මායිම් හරියේ හරියටම කියුවොත් පන්විල ප්‍රදේශයේ

මෙම කදු මුදුන හාතලේ පුංචි ලෝකාන්තය හා හුන්නස්ගිරිය කදු මුදුන හා නකල්ස් කදුපංති අතර තියෙන්නේ.

(යන අයට නවාතැන් ගැනීම සඳහා කඳවුරු භූමියක් සහ වතු බංගලා 02 ක් ඇති නමුත් කල්තියා වෙන් කරවා ගත යුතුය.) - මෙය නම් වෙනත් ලිපියකින් උපුටා ගත්ත‌ේ -

මෙම ස්ථානයේ අඩක් නිම කළ හින්දු සිද්ධස්ථානයක් සහ කූරු භාවිතයෙන් සාදන ලද සුන්දර පැල්පතක් තියනෙවා. අහස පැහැදිලි දිනයක මෙම ප්‍රදේශ පැහැදිලිව බලාගන්න මෙතනට ගියාම පුලුවන්.. (මීදුම බාධා රහිත දර්ශන භුක්ති විඳීමට උදේ වරුවේ සංචාරය කිරීම වඩා හොඳය.)

 

 
ඉහළට යන මාර්ගය අබලන් හා පටු ය. 4wd වාහනයක් නම් අවුලක් නෑ. බයිසිකල් එක්ක ගමන යන්න පුලුවන්.  

වඩා හොඳ දර්ශනයකට ඉහළට යා හැකි ආසන්න කඳු මුදුනක් තියෙනවා. 

 

 

 චායාරූප පෙල









 

මගේ මතක සටහන් වල වීඩියෝ එක පහලින්......