Powered By Blogger

Wednesday, November 25, 2020

කැලෑබොක්ක මාතලේ (පන්විල) - 360 View Point

කැලෑබොක්ක මාතලේ (පන්විල) - 360 View Point

කැලෑබොක්ක කියලා කියුවට ම‌ෙහේ 360 View Point  කියලත් ප්‍රසිද්ධයි.

එහෙම වෙන්න හේතුව මේ තැනට අංශක 360 වටප්‍රමානයක් බලන්න පුලුවන් කදු මුදුනක් නිසා (ඒක මන් දාලා තියෙන තියෙන චායාරූපවලින් බලාගන්න පුලුවන්) මෙම ස්ථානය මීටර් 1175 පමණ උසකින් පිහිටා ඇත.

මේ තැන තියෙන්නේ මධ්‍යම පලාතේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක මායිම් හරියේ හරියටම කියුවොත් පන්විල ප්‍රදේශයේ

මෙම කදු මුදුන හාතලේ පුංචි ලෝකාන්තය හා හුන්නස්ගිරිය කදු මුදුන හා නකල්ස් කදුපංති අතර තියෙන්නේ.

(යන අයට නවාතැන් ගැනීම සඳහා කඳවුරු භූමියක් සහ වතු බංගලා 02 ක් ඇති නමුත් කල්තියා වෙන් කරවා ගත යුතුය.) - මෙය නම් වෙනත් ලිපියකින් උපුටා ගත්ත‌ේ -

මෙම ස්ථානයේ අඩක් නිම කළ හින්දු සිද්ධස්ථානයක් සහ කූරු භාවිතයෙන් සාදන ලද සුන්දර පැල්පතක් තියනෙවා. අහස පැහැදිලි දිනයක මෙම ප්‍රදේශ පැහැදිලිව බලාගන්න මෙතනට ගියාම පුලුවන්.. (මීදුම බාධා රහිත දර්ශන භුක්ති විඳීමට උදේ වරුවේ සංචාරය කිරීම වඩා හොඳය.)

 

 
ඉහළට යන මාර්ගය අබලන් හා පටු ය. 4wd වාහනයක් නම් අවුලක් නෑ. බයිසිකල් එක්ක ගමන යන්න පුලුවන්.  

වඩා හොඳ දර්ශනයකට ඉහළට යා හැකි ආසන්න කඳු මුදුනක් තියෙනවා. 

 

 

 චායාරූප පෙල









 

මගේ මතක සටහන් වල වීඩියෝ එක පහලින්......