Powered By Blogger

Tuesday, April 16, 2019

මන්දාරම් නුවර (රිකිල්ලගස්කඩ මහනුවර)

මේ ලිපියෙන් කියන්න යන්නේ මන්දාරම්නුවර ගැන, නම ඇහුනගමන් මොනාද හිතෙන්න? මන්දාරම්-නුවර ඒ කියන්නේ අහස මන්දාරම් වී ඇති තැනක් එහෙමත් නැත්තම් ප්‍රදේශයක්, කෙටියෙන්ම කියුවොත් නමහි අරුතම පරිදි ස්වභාව සෞන්දර්යෙන් ඉතා ඉහල ඉතා මනරම් ග්‍රාමීය ප්‍රදේශයක්.

අපි දැන් බලමු ඇයි මෙම ප්‍රදේශයට මන්දාරම් නුවර යන නමින් හදුන්වන්නේ කියා...
එසේ වීමට හේතුව මෙම ප්‍රදේශයට ඇති වැහිබර කාලගුණය හා එයත් සමගම පිදුරුතලාගල, ගෝණපිටිය, කබරගල, උඩගබ්බල යන වළල්ලෙන්ම වටවී තිබෙන ජෛව විව්ධත්වයෙන් පිරිනු ප්‍රදේශයක් නිසාය.
මෙම මන්දාරම්නුවර ස්වාභාවික වශයෙන් මෙන්ම වසර දහසක පමණ එ‌ෙතිහාසික වටිනාකමක් ඇති නුවරඑළිය උඩගම්පහ කොරලයට අයත් ප්‍රදේශයකි.

එනම් නිවැරදි ගමන් මාර්ගය ගැන කියුවොත් මහනුවර නුවරඑළිය ගමන් මාර්ගයේ (හගුරන්කෙත ප්‍රදේශය) පදියපැලැල්ලෙන් හැරී මන්දාරම්නුවර මාර්ගයේ ගමන් කර පසු මෙම එ‌ෙතිහාසික ප්‍රදේශයට ලගා විය හැක.

මෙම ප්‍රදේශය අතීතය ගැන සොයා බලන විට රාවනා රජු දක්වා දිවයන බව මා අසා තිබෙනවා. එනම් රාවනා රජු සීතා කුමරිය සඟවා තැබූ සීතා එළිය, සීතා කන්ද ආදී ප්‍රදේශ මෙන් ආරක්ශිත මර්මස්ථානයක් ලෙස මන්දාරම්පුර ද භාවිතා කරන්නට ඇති බව එහි පිහිටීම ගිරිදුර්ග වනදුර්ග අනුව අනුමානය කළ හැක.
තවද මෙම ප්‍රදේශයෙන් හමුවන කුඩා පාෂාණ විශේෂය මෙම ප්‍රදේශයේ ජනතාව රාවනා ගුලි ලෙස හදුන්වන බවත් මෙම පාෂාණ කුඩා කොටසක් අහාරයට ගැනීමන් බඩේ අමාරු වලට ඉක්මන් සහනය ලැබෙන බව විශ්වාස කෙරේ.

එමෙන්ම මෙහි ඈවැටුනුගල පර්වතය ලෙස පර්වතයක් පවතිනවා.. මෙම පර්වතය පාමුල සිට සීතාඑළිය මහකුඩුගල යන ප්‍රදේශ සම්බන්ද වන උමගක් ඇති බවටද සඳහන් වෙනවා. එම නිසා මෙම මන්දාරම්නුවර අතීතයේ බලකොටුවක් ලෙසද සමහර සාක්ෂී හමුවී ඇත.

තවද ලන්දේසි අවදියේදී මෙහෙ බුහුලව කෝපි වගාව ව්‍යාප්තව තිබු බවටද සඳහන් වන අතර අවාසනාවකට යම්කිසි නොදත් හේතුවක් නිසා එය අභාවයට ගොස් ඇති අතර පසුව එහි තේ වගාව ව්‍යාප්ත් කර ඇත.

මන්දාරම්නුවර සඳහා මහනුවර  සිට  ලඟා විය හැකි  මාර්ගය - #Location