Powered By Blogger

Tuesday, April 16, 2019

මන්දාරම් නුවර (රිකිල්ලගස්කඩ මහනුවර)

මේ ලිපියෙන් කියන්න යන්නේ මන්දාරම්නුවර ගැන, නම ඇහුනගමන් මොනාද හිතෙන්න? මන්දාරම්-නුවර ඒ කියන්නේ අහස මන්දාරම් වී ඇති තැනක් එහෙමත් නැත්තම් ප්‍රදේශයක්, කෙටියෙන්ම කියුවොත් නමහි අරුතම පරිදි ස්වභාව සෞන්දර්යෙන් ඉතා ඉහල ඉතා මනරම් ග්‍රාමීය ප්‍රදේශයක්.

අපි දැන් බලමු ඇයි මෙම ප්‍රදේශයට මන්දාරම් නුවර යන නමින් හදුන්වන්නේ කියා...
එසේ වීමට හේතුව මෙම ප්‍රදේශයට ඇති වැහිබර කාලගුණය හා එයත් සමගම පිදුරුතලාගල, ගෝණපිටිය, කබරගල, උඩගබ්බල යන වළල්ලෙන්ම වටවී තිබෙන ජෛව විව්ධත්වයෙන් පිරිනු ප්‍රදේශයක් නිසාය.
මෙම මන්දාරම්නුවර ස්වාභාවික වශයෙන් මෙන්ම වසර දහසක පමණ එ‌ෙතිහාසික වටිනාකමක් ඇති නුවරඑළිය උඩගම්පහ කොරලයට අයත් ප්‍රදේශයකි.

එනම් නිවැරදි ගමන් මාර්ගය ගැන කියුවොත් මහනුවර නුවරඑළිය ගමන් මාර්ගයේ (හගුරන්කෙත ප්‍රදේශය) පදියපැලැල්ලෙන් හැරී මන්දාරම්නුවර මාර්ගයේ ගමන් කර පසු මෙම එ‌ෙතිහාසික ප්‍රදේශයට ලගා විය හැක.

මෙම ප්‍රදේශය අතීතය ගැන සොයා බලන විට රාවනා රජු දක්වා දිවයන බව මා අසා තිබෙනවා. එනම් රාවනා රජු සීතා කුමරිය සඟවා තැබූ සීතා එළිය, සීතා කන්ද ආදී ප්‍රදේශ මෙන් ආරක්ශිත මර්මස්ථානයක් ලෙස මන්දාරම්පුර ද භාවිතා කරන්නට ඇති බව එහි පිහිටීම ගිරිදුර්ග වනදුර්ග අනුව අනුමානය කළ හැක.
තවද මෙම ප්‍රදේශයෙන් හමුවන කුඩා පාෂාණ විශේෂය මෙම ප්‍රදේශයේ ජනතාව රාවනා ගුලි ලෙස හදුන්වන බවත් මෙම පාෂාණ කුඩා කොටසක් අහාරයට ගැනීමන් බඩේ අමාරු වලට ඉක්මන් සහනය ලැබෙන බව විශ්වාස කෙරේ.

එමෙන්ම මෙහි ඈවැටුනුගල පර්වතය ලෙස පර්වතයක් පවතිනවා.. මෙම පර්වතය පාමුල සිට සීතාඑළිය මහකුඩුගල යන ප්‍රදේශ සම්බන්ද වන උමගක් ඇති බවටද සඳහන් වෙනවා. එම නිසා මෙම මන්දාරම්නුවර අතීතයේ බලකොටුවක් ලෙසද සමහර සාක්ෂී හමුවී ඇත.

තවද ලන්දේසි අවදියේදී මෙහෙ බුහුලව කෝපි වගාව ව්‍යාප්තව තිබු බවටද සඳහන් වන අතර අවාසනාවකට යම්කිසි නොදත් හේතුවක් නිසා එය අභාවයට ගොස් ඇති අතර පසුව එහි තේ වගාව ව්‍යාප්ත් කර ඇත.

මන්දාරම්නුවර සඳහා මහනුවර  සිට  ලඟා විය හැකි  මාර්ගය - #Location


















Wednesday, February 27, 2019

යාපහුව

එකපාරටම හිතුනා ශ්‍රී ලංකාවේ රාජධානීයක් ගැන පොඩි විඩීයො පටයක් හදන්න. කල්පනා කරලා බැලුවාම කොහෙද යන්නේ කියලා මුලින්ම හිතුනා යාපහුවෙ යන්න,,

කෝමහරි යාපහුව යන්න පොඩි කැමරාවකුත් සෙට් කරගෙන ඒ ගමන් තව යන්න පුලුවන් දිහා බලපුවාම තමයි හොයා ගත්තෙ යාපහුව රාජධානියම අසල පිහිටි කොණ්ඩදෙනිය රජමහා විහාරය.
ඊට පස්සේ කුරුනෑගල ඉන්න යාළුවෙක් කතා කරගෙන රැයක් එහෙ ඉදලා ගමන පිටත් උනා.

මුලින්ම උදේ වරුවෙ අපි යාපහුව වැඳගත්තා.

ඊට පස්සේ අපි ගියා කොණ්ඩදෙනිය රජමහා විහාරයට.

එම රජ මහාවිහාරය ප්‍රසිද්ධ විහාරයක් වීමට එක හේතුවක් තිබුනා ඒ කොණ්ඩදෙනිය හාමුදුරුවෝ කියන නාමය එනම් කොණ්ඩදෙනිය ස්වාමීන් වහන්සේ ගැන ඉතා විශාල කතා රාශියක් තිබෙන නිසාය.

එයින් ප්‍රධානම කතාවක් වන මහව දුම්රිය ස්ථානය පිලිබඳ කථාව ප්‍රසිද්ධ කතාවයි.
කතාවෙ සත්‍ය අසත්‍ය බව සලකන් නැතුව මා අසා තිබෙන දේ ගැන මම ලියනවා.
එනමි උන් වහන්සේගේ සත්‍ය බලයෙන් දුම්රියක් නතර වූ කථාවයි.

කොණ්ඩදෙණිය ගැන  ඉදිරියේදි ලිපියක් ලියන්නත් බලාපොරොත්තුවෙනවා

යාපහුව ගමනේදී මතකයන් ගොන්න පහත වීඩියොව එකෙන් නරබන්න

https://www.youtube.com/channel/UCgP4OGTdBBvB-L11tQ3RNWg

Subscribe කරන්න තවත් ඒ වගේ Video නරබන්න.